සමසමාජයත්- විමල්ගේ මුසම්මිලුත් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින්!

අද දින (14) අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යළි සක්‍රීය කරනු ලැබූ පොදුජන එක්සත් පෙරමු‍ණ වෙත ලංකා මහාචාර්ය තිස්ස විතාරණගේ සභාපතිත්වයෙන් යුත් සමසමාජ පක්ෂය සහ විමල් වීරවංශ නායකත්වය දුන් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් එක්ව තිබීම විශේෂත්වයක් වෙනවා.

පොදුජන එක්සත් පෙරමුණේ සහය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත බැවිනුයි එහි විශේෂත්වයක් ඇත්තේ.

ප්‍රබල වාමාංශික නායකයෙක් ලෙස කටයුතු කළ ලංකා සමසමාජ පක්ෂය කාලයක් පුරා රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන එජාප කොන්සර්වේටිව් ධනේශ්වර ජාත්‍යන්තරයට එදිරිව දේශපාලනය කළ අයෙක් වෙනවා. ඔහු ආසන්න දින දක්වා උත්තර ලංකා සභාගය සමග කටයුතු කළ අතර මේ වන විට පොදුජන එක්සත් පෙරමුණ හා එක්ව තිබෙනවා.

විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමේදී මුලින්ම එක් වූ අයෙක් වූ මොහොමඩ් මුසම්මිල් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් ලෙසද කටයුතු කරනු ලැබුවා. විමල් වීරවංශ සමඟ කළ දේශපාලනය අතහැර මේ වන විට ඔහුද පොදුජන එක්සත් පෙරමුණ හරහා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට සහය දැක්වීමට එක්ව තිබෙනවා.

මෙවර මැතිවරණය දේශපාලන කණ්ඩායම් අතර පෙර නොවූ විරූ සන්ධාන බිහි වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles