කාවින්ද්‍යා අධිකාරි සමිතා මුදුන්කොටුවගේත් අතුල අධිකාරිගේත් දියණිය. ඇය දැන් පෙම්වතියක් වෙලා. ඇගේ ප්‍රේමය ගැන පසුගිය දා පළමුවරට සියත තරු පිරි රෑ වැඩසටහනේ දී හෙළිදරව් කරනු ලැබුවා. ඔහු සංගීත ක්ෂේත්‍රයේම කෙනෙක් වෙන නයිට්ස් සංගීත කණ්ඩායමේ ධනිතු බවයි කියන්නේ. සංගීත වැඩසටහනකට ගිය වෙලාවක තමා මේ ප්‍රේමය ඇති වෙලා තියන්නෙ.
ඇය පසුගිය දා ඔහු සමග ඉන්න ෆොටෝ එකකුත් ෆේස්බුක් එකට එකතු කරලා තිබුණෙ මෙහෙම සටහනක් එක්ක..
🌸මගේ ආත්මය හැමදේම අත ඇරලා ඔහේ සැරිසර සර ඉද්දී ඔබේ ආත්මය එය සොයාවිත්, එයට හිමිකම් කිව්වා…🥰🖤♾️🧿🌸
ඇගේ ප්‍රේමය ගැන සමිතා දක්වන්නේ මොන වගේ අදහසක් ද? සතිඅන්ත පුවත්පතක් සමිතගෙන් මේ ගැන අහලා තිබුණා.
- කාවින්ද්‍යා දැන් පෙම්වතියක්, ඇය ඔබේ තුරුලෙන් ගිලිහිලා ඇගේම ලොවකට යන දිනය ගැන ඔබේ හැඟීම?
ගිලිහෙන්න නම් දෙන්නේ නැහැ. මම ජීවත් වෙලා ඉන්න තුරු එයාලට මගෙන් ගිලිහෙන්න දෙන්නෑ. නමුත් එයාලට එයාලගෙ පෞද්ගලික ජීවිතයක් තිබෙනවනේ. ඉතිං ඒ දේවල්වලට බලපෑමක් නොකර ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගෙනියන්න දෙනවා. කවදාහරි ඔවුන් විවාහ වුණාට පසුව මම අම්මා කෙනෙක් විදිහට යුතුකම් කරලා ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ගෙනියන්න දෙනවා. නමුත් මම ඔවුන්ට කරදරයක් හෝ බාධාවක් වෙන්න යන්නේ නැහැ.