සනත් නිශාන්ත නාමල්ගේ විදුලිබිල ගෙවපු හේතුව එළියට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලක්ෂ 26ක විදුලි බිල කඩිමුඩියේ ගෙවා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බිය වී බව
ජාතික ජන බලවේගයේ නලින් හේවගේ පවසනවා.

ඒ බිල්පත පැහැර හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබීම නිසයි.

මෙම විදුලි බිල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ FR පෙත්සමක් ගොනු කර ඇති බවත් එය ලබන මාසයේ විභාගයට ගැනීමට නියමිත නිසාත් මෙටස් සනත් නිශාන්ත යොදි එම බිල ගෙවා දැමු බවට ඔහු පවසනවා.

වත්මන් ලංවිම සභාපතිවරයා, එවකට ලංවිම සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, එවකට අමාත්‍ය රවී කරුණානායක, නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවත් නලින් හේවගේ සඳහන් කරනවා.

එසේම නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට මෙම නඩුවට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත්, නඩුව විභාග වීමට බියෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් පනත් කෙටුම්පත සමථයකට පත් කළ බවත් සඳහන් වෙනවා.

නාමල් රාජපක්ෂ සහ සනත් නිශාන්ත සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයේ නොගෙවූ බිල්පත පිළිබඳව තොරතුරු හෙළි කළේ ඔහු බව පවසන නලින් හේවගේ 2019 වසරේ විවාහ උත්සවය පවත්වා බිල ගෙවා ඇත්තේ 2023 වසරේදී බවත් එය විශාල වංචාවක් බවත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles