රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ගමන් ගත් මෝටර් රථයට මාරවිල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිට දී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඇමැතිවරයා ගමන් ගත් වාහනයට තවත් වාහනයක ගැටී ඇති අතර එහි ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ රථයට පහරදී පළාගොස් තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු තම වාහනයට සිදු වූ හානිය නිසාවෙන් දැඩි ලෙස කෝප වී මෙලෙස පහර දී ඇති බවයි පැවසෙන්නේ.