කටුනායක අධිවේගී මාර්ගයේ දී සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පුත්තලම දිස්ත්‍රික්කයට සිදු කරන ලද මෙහෙවර කඩාකප්පල් නොවී ඉදිරියට ගෙන යෑම සඳහා මේ පිළිබඳව සලකා බලමින් සිටින බවත් අදාළ යෝජනාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ කැමැත්ත හිමි වී ඇති බවයි සඳහන් වන්නේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මෙම යෝජනාව පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බවද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ ද පවසා තිබෙනවා.
ඇයට මන්ත්‍රී ධුරට ලබා දීම පිණිස ඉල්ලා අස්වීමටද කිහිප දෙනෙක් කැමැත්ත පළ කර ඇති බව සඳහන් වෙනවා.
අන්න වයිප්ලානං වයිප්ලා.. 😁😁