“නිදහස සුරකින්නෝ” සංවිධානය අද දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී අදහස් දැක්වූ එහි සභාපති චිරන්ත අමරසිංහ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ යැ යි කියනු ලැබූ හඬපටයක් මාධ්‍යවේදීන් ඉදිරියේ විකාශය කරනු ලැබුවා.
එහිදී අසන්නට ලැබෙන්නේ, පාස්කු ප්‍රහාරයට පෙර 2018 දී අම්පාරේදී ඇති වූ ජාතිවාදී ප්‍රහාර පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සිටින බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පවසන බවයි.
මේ සම්බන්ධයෙන් 2021 අප්‍රේල් 2 දින තමන් අමාත්‍ය සරත් වීරසේකරට විරුද්ධව පැමිණිල්ලක් කරනු ලැබූ බව චිරන්ත පවසා සිටිනවා.
චිරන්ත චෝදනා කරන්නේ තමන් මේ සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලට අදාළව කිසිම විමර්ශයනක් පොලිසිය විසින් සිදු නොකළ බවයි.
තමන් පසුගිය 2023 සැප්තම්බර් 23 දින නැවත හිටපු ජනාධිපතිවරයා අමතා ඒ බව තහවුරු කළ බව කියන හඬපටයක් ද එහිදී ප්‍රචාරය කෙරුණා. එහිදී ද හිටපු ජනාධිපතිවරයා බව කියන එම හඬ විසින් ඒ බව පිළිගනු ලබනවා.