අධිකරණ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කණස්සල්ල පළ කර තිබෙනවා.
2023 ජුලි 7 දා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී සරත් වීරසේකර කරන ලද ප්‍රකාශය රටේ අධිකරණයට සහ සමාජ දේහයට එල්ල කළ පදනම් විරහිත සහ අලජ්ජි ප්‍රහාරයක් බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසනවා.
පා.ම. සරත් වීරසේකර කුරුන්දි විහාරය සම්බන්ධ ප්‍රශ්නය ගැන කතා කරමින් මහේස්ත්‍රාත්වරයාගේ කටයුතු තමන්ට සෑහීමකට පත් විය නොහැකි බව ප්‍රකාශ කරනු ලැබුවා.
අධිකරණයට බාහිර බලපෑම්, තර්ජන හෝ කිසිදු මැදිහත්වීමක් නොකළ යුතු බවත් නිදහස්ව කටයුතු කිරීමට අවකාශ සැලසිය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් නිවේදනය මගින් පෙන්වා දෙනවා.