සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න කොළඹ පෞද්ගලික රෝහලකදී අද සවස අභාවයට පත්ව තිබෙනවා. මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසුවුණා.

ගාල්ල උණවටුන උපන් ගම වූ ඔහු මෙරට ප්‍රජා සංවර්ධනයේ විශේෂ කොටසක් ඉටු කළ සර්වෝදය ව්‍යාපාරය නිර්මාණය කරනු ලැබුවා. සර්වෝදය ව්‍යාපාරය මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය ලෙසයි සැලකෙන්නේ.

ඔහු මෙරට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඉතා විශාල ප්‍රමාණයක් සම්මානවලින් පිදුම් ලැබුවා. මෙරට ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය 2007 දීද පිලිපීනයේ රැමොන් මැග්සෙසයි සම්මානය 1969 දී බෙල්ජියමේ බෝඩොයින් සම්මානය 198 වසරේදී ද ජපාලයේ නිවානෝ සම්මානය 1982 දීද ඉන්දියාවේ මහත්මා ගාන්ධි සම්මානය 1996දී ඔහු වෙනුවෙන් පුද කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles