සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණය යටතේ එහි දැනට සේවය කරන 300ක පමණ සේවකයන් පිරිසක් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අධ්යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන තිබෙනවා.
මෙම තීරණයට හේතු වී ඇත්තේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාතය නලීන් ප්‍රනාන්දු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබීමයි.
සැප්තැම්බර් 30න් පසු සියලුම සේවයකයන්ට වැටුප් අත්හිටුවීම සිදුවන අතර වන්දි සූත්‍රයක් අනුව වන්දි ගෙවීමට තීරණය කර ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධනගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් කරනවා.
කෙසේ වෙතත්, සතොස ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණය යටතේ ඉඩම්, ගොඩනැගිලි, නිවාඩු නිකේතන ඇතුළු නිශ්චල චංචල දේපළ ඈවර කිරීමට නියමිත වෙනවා.