එළඹෙන නත්තල් උත්සව සමය හේතුවෙන් ලංකා සතොස භාණ්ඩ 10ක මිල පහළ දමා තිබෙනවා.
එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වායි ක්රියාත්මක වෙන්නේ.
ඒ අනුව කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි.
ආනයනික ටින් මාළු ග්රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර ග්රෑම් 155 ටින් මාළු මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා.
දේශීය ටින්මාළු ග්රෑම් 425 රුපියල් 20කින් මිල අඩුකර ඇති අතර අනයනික අල මිල රුපියල් 15කින් අඩුකර තිබෙනවා.
රතු නාඩු සහ සුදු නාඩු සහල් කිලෝ එකක මිල රුපියල් 15කින් සහ රුපියල් 05කින් අඩුකරන සතොස කඩල කිලෝවක මිල රුපියල් 5කිනුයි අඩුකර තිබෙන්නේ.
ජනතාවට අඩුම සීනි මිල සතොස හරහා ලබාගත හැකි බවත් සීනි කිලෝවක් රුපියල් 275කට අලෙවි කරන බවත් සතොස නිවේදනය කරන අතර බිත්තරයක් රුපියල් 35කට ලබාදීමටත් තීරණය කර තිබෙනවා.