අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා නවදිල්ලියේ දී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ රටේ වෙසෙන දෙමළ ප්‍රජාවට ගෞරවනීය ජීවිතයක් සහතික කරන ලෙසයි.
එමෙන් ම නොදැනුවත් බව නිසා ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසත් ඔහු වැඩිදුරට ඉල්ලා සිටියා.
13 වැනි සංශෝධනයට ඇති කැපවීමට ගරු කරමින් පළාත් සභා මැතිවරණය පවත්වමින් ශ්‍රී ලංකා රජය දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටුකරමින් සමානාත්මතාවය, යුක්තිය සහ සාමයේ ක්‍රියාවලිය මෙහෙයවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් මෝදි පවසා තිබෙනවා.