සරම්ප ගැන බියකරු හෙළිදරව්වක්: මිනිත්තුවකදී 9කට බෝවෙනවා!

මෙරටින් තුරන් කර දැමූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද සහතික කර තිබූ සරම්ප රෝගය නැවතත් සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. මේ වන විට එය දිස්ත්‍රික්ක 9ක පමණ පැතිර ඇති බවයි සඳහන් වූයේ.

මේ දිනවල පැතිර යන සරම්ප වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාව කොවිඩ් 19 ට වඩා වේගවත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එය කොවිඩ්වලටද වඩා දරුණු බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා ප්‍රකාශ කරනවා.

කොවිඩ් ආසාදිතයෙකු හරහා තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට පමණ බෝ වුවද මෙම සරම්ප වෛරසය එක් ආසාදිතයෙකුගෙන් විනාඩියකදී 9 දෙනෙකුට බෝවිය හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

පසුගිය කොවිඩ් වසංගත සමයේ දරුවන් එන්නත්කරණය අඩාල වූ බැවින් සරම්ප පැතිර යෑම වැඩි වී ඇති බවට අනුමාන කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එන්නත් ලබා නොගත් දරුවන් ඇත්නම් කඩිනමින් එන්නත් ලබා ගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles