මෙරට ගුරු සේවයෙන් පසුගිය මාස 9ක කාලය තුළ ඉවත්ව ගොස් ඇති ගුරුවරු සංඛ්‍යාව 5000ක් බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා. වැටුප් රහිත නිවාඩු ලබා ගත් සහ විදේශ ගත වූ අයගෙන් මේ පිරිස සමන්විත වෙනවා. කෙසේ වෙතත් මේ වන විට බොහෝ ගුරුවරු සේවයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වී විදේශගත වීමේ ප්‍රවණතාවක්ද ඇති වී තිබෙන බව සභාපතිවරයා පවසනවා.
මේ ඉවත්ව ඇති ගුරුවරු අතර ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය වැනි විෂය ගුරුවරු බහුතරයක් ඇති බවත් මේ අය ඉවත්ව යාම වැඩියෙන් ම බලපා ඇත්තේ දුෂ්කර පාසල්වලට බවත් ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.
තත්වය මෙසේ වෙද්දී මේ වසර අග වන විට සේවයේ සිටින ගුරුවරුන්ගෙන් තවත් 5000ක් පමණ විශ්‍රාම ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. එවිට මේ වසර අග වන විට මෙරට ගුරු සේවයෙන් ඉවත් වන පිරිස 10000 ඉක්මවනු ඇති. මෙය මෙරට පාසල් අධ්‍යාපනයට ඉතා බරපතළ ලෙස බලපාන බව පෙන්වා දෙන ගුරු සංගම් සභාපතිවරයා මෙයට පිළියමක් යෙදීමට කිසිදු අදහසක් මේ වන විට රජයට නැති බව වැඩිදුරටත් කියා සිටිනවා. ගුරුවරුන් මෙලෙස සේවය හැර යෑම වැලැක්වීමට නම් ඔවුන්ට ජීවත්වීමට සරිලන ලෙස වැටුප් වැඩි කළ යුතු බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ.