ඉරානයෙන් ලංකාවට විද්‍යා-තාක්ෂණ උදව්

තම රට අත්පත් කරගෙන ඇති විද්‍යා හා තාක්ෂණ දියුණුවේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍රශීලී රටවල් සමඟ බෙදා ගැනීමට සූදානම් බව ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි පවසා තිබෙනවා. ඒ ඊයේ (6 ඉරිදා) දිනයේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි සමග ටෙහෙරාන්හි පැවති සාකච්ඡාවකදී.

ශ්‍රී ලංකාවට දියුණු රටක් බවට පත්වීමේ විශාල විභයක් ඇතත් විදේශීය අතපෙවීම් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු ව ඉරාන ජනපතිවරයා මේ හමුව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් කරනවා. සංස්කෘතික සංචාරක, විද්‍යාත්මක සහ අධ්‍යයන ක්ෂේත්‍රවල දෙපාර්ශවය අතර සමීප සහයෝගීතාවේ වැදගත්කම මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී විෂය කරගත් බවයි විදේශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයාගේ මේ ඉරාන සංචාරය ශ්‍රී ලංකාවට වැදගත් ආයෝජන ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවන බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles