පිළිකා රෝගීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණන් ලබා දෙන බව පවසා ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සහ ඒවායේ ඡායාපිටපත් සහ බැංකු ගිණුම් විස්තර ලබාගෙන සූක්ෂම ලෙස අන්තර්ජාලයද භාවිතා කරමින් රුපියල් ලක්ෂ 250ක් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට පත් වුණා.
ඔවුන් මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර තිබෙනවා.
අවිස්සාවේල්ල පදිංචි ජන ප්‍රසාද් හෙවත් වැද්දා නමැති අය සහ ජාඇල නිවන්දම පදිංචි සොයතා නිත්මි පෙරේරා සහ සෙව්වන්දි මධුෂානි පෙරේරා යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම පිරිස පිළිකා රෝගීන් විශාල පිරිසකට මුදල් ලබා දෙන පවසා ඔවුන්ගේ තොරතුරු ලබා ගෙන ඒ ආශ්‍රයෙන් ඔවුන්ගේ නමට සිම්පත් ලබාගෙන ඔන්ලයින් බැංකු ගිනුම්වලට පිවිස මුදල් සොරාගෙන ඇතැයි හෙළිව තිබෙනවා. එක් රෝගියෙක්ගේ ගිණුමකින් පමණක් රුපියල් ලක්ෂ 38ක් ක් ඔන්ලයින් හරහා වෙනත් ගිනුමකට මාරු කරගෙන ඇති අතර එයින් අයිෆෝන් ආදිය මිලට ගෙන ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.