ක්‍රීඩා ඇමැතිගේ ආරක්ෂාව තර කරයි

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු එක් කර තිබෙනවා. තමන්ට ජීවිත තර්ජන ඇති බවට ඇමැතිවරයා කළ ප්‍රකාශය අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව ඇමැතිවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 10ක ප්‍රමාණයක් යොදවා තිබෙනවා. මේ සඳහා මහජන ආරක්ෂ අමාත්‍යංශයේ අවසරය ලැබී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles