ආරක්ෂක ලේකම් සහ හමුදා ලොක්කෝ දවස් 5ට ලක්ෂ 11ක කාලා!

ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන් දින 5කට කෑම සඳහා රුපියල් ලක්ෂ 11ක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.

මෙසේ රුපියල් ලක්ෂ 11ක් භක්ෂණය කර ඇත්තේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට කටයුතු පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවලදීයි.

කෙසේ වෙතත් ආර්ථික අර්බුදය වෙනුවෙන් වියදම් සීමා කිරීමේ චක්‍රලේකයට උඩින් මේවා සඳහා මුදල් ගෙවා තිබෙනවා.

විසිළුසහගතම කරුණ නම් රුපියල් කෝටි 13ක් වඩා වියදම් කර එහි ඉදි කර ඇති සිව්මහල් පුස්තකාල සහ විභාග ශාලා ගොඩනැගිල්ලේ ජල කාන්දුව වසර තුනක් තිස්සේ පිළිසකර කර නොමැති වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles