ශ්‍රී ලංකාවේ විශිෂ්ට කලාකරුවෙකු වූ මහගමසේකරයන්ගේ පිය බිරිඳ වූ කුසුමලතා මහගමසේකර ගුරු මාතාව ඊයේ (21) දින අභාවප්‍රාප්ත වුණා.
ඇය ගුරුවරියක් ලෙස කටයුතු කරනු ලැබූ අතර දරු තිදෙනෙකුගේ මවක වූවා. මියයන විට 88 හැවිරිදි වූ කුසුමලතා මැතිණිය සේකරයන්ගේ දිවියේ සියලු අංශවලට මහත් දිරියක් වුණා. ඔවුන් විවාහ දිවියට එළැඹ තිබෙන්නේ 1963 දී.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වූ ඇය ගුරු සේවයට පිවිස මීරිගම ජාතික පාසල, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සහ බොරැල්ල රත්නාවලී විද්‍යාලය යන පාසල්වල සේවය කර තිබෙනවා.
කුසුමලතා මැතිණියගේ දේහය පෙරවරු 10.00 සිට බොරැල්ල ජයරත්න රෙක්ස්පෙක්ට් මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර ආදාහන කටයුතු 25 සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල කනත්ත පොදු සුසාන භුමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ ආදාහන පරිශ්‍රයේ සිදු කරන බව අවමංගල්‍ය සංවිධාන කමිටුව දන්වා තිබෙනවා.