රජයේ දේපළ විකිණීම අපේ ප්‍රතිපත්තිය නොවේ: නාමල්

රාජ්‍ය දේපළ සහ ආයතන විකිණීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

රාජය දේපළ ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් හෝ විකුණන්නේ නම් ඒවා මිලට ගැනීමට ඉදිරිපත්වන සමාගම් හෝ පුද්ගලයන් පිළිබඳවත් ඒවා ලබා දෙන නිර්ණායකයන් පිළිබඳවත් වහාම රටට හෙළි කළ යුතු බවයි ඔහු කියා සිටින්නේ.

මෙය මත්තල ගුවන් තොටුපොළ සහ හිල්ටන් හෝටලය සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුතු බවත් වඩාත් පාරදෘශ්‍ය හා විනිවිදභාවයෙන් සිදු කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles