අලුත් අවුරුද්ද වෙනුවෙන් ගායනා කළ ගීයක් වෙනත් පද යොදා වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම ජ්‍යෙෂ්ඨ නීතිඥ තිෂ්‍ය වේරගොඩගේ විවේචනයට බඳුන්ව තිබෙනවා.
ඔහු පවසන්නේ සදාචාරය රැකීමේ මුවාවෙන් මෙලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය දෙයක් නොවන බවයි. නීතිඥවරයාට අනුව මෙම සිදුවීමේ අපරාධ වරදක් ඇත්තේ නැති අතර පොලිසිය පමණ ඉක්මවා සදාචාරය රැකීම වෙනුවෙන් පෙනී සිට මෙලෙස අත්අඩංගුවට ගැනීම ගැන ඔහු කණස්සල්ල පළ කරනවා.
ගීත වෙනස් කර විකෘති කර ගායනා කිරීම සාමාන්‍ය දෙයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. උපහාසාත්මක සහ හාස්‍යමය අරමුණු උදෙසා කරන මෙම ගී වෙනස්කිරීම් අත්අඩංගුවට ගැනීමට මෙරට අන්තවාදී රාජ්‍යයක් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.
සදාචාරය රැකීමේ මුවාවෙන් පොලිසිය මෙයට පෙරද පහන්තුඩාව යුවළක් අත්අඩංගුවට ගැනීම, පිදුරංගල තරුණයන් අත්අඩංගුවට ගැනීම වැනි ක්‍රියාවන් සිදු කිරීම ගැනද ඔහු සිහිපත් කරනවා.
පොලිසියේ අශ්ලීල්තවය පිළිබඳ අන්තවාදී හෝ පටු අදහස් සමකාලීන ප්‍රජා සම්මතය ලෙස පිළිගැනීමෙන් සිදුවන්නේ සෙසු ජාතියම එවැනි මතවලට යටවීම පමණක් බව නීතිඥවරයා පෙන්වා දෙනවා.
පොලිසිය අවසානයේ පාඩමක් ඉගෙන ගෙන සදාචාරය පිළිබඳ ගැටලුවලට මැදිහත් වීම නැවැත්වීමට කාලය උදා වී ඇති බවද තිෂ්‍ය වේරගොඩ කියා සිටිනවා.