ඔක්කම්පිටිය පොලීසියේ සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඉබේ පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසනවා.
අදට ( 09) නියමිත පොලීසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට සහභාගී විමට පොලිස් සැරයන්වරයෙකු ඔහුට අයත් ටී 56 ගිනිඅවිය බැරක්කයේදී පිරිසිදුකරමින් සිටියදී ගිනිඅවිය පත්තුවී අසල ඇඳක නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයාගේ උකුළු ඇටය ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර ඔහුගේ තත්වය බරපතළ නොවන බව මොනරාගල රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරනවා.