මාකුඹුර බස් නැවතුම්පොළේ දරුණු අනතුරක්

කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොළේ දී අද (12) උදෑසන බිහිසුණු අනතුරක් සිදු ව තිබෙනවා.

පාදුක්කේ සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් එක්වරම බස් නැවතුම්පොළේ වීඳුරු කඩාගෙන ඇතුළට එන අතර එහිදී තවත් බසයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සඳහන්.

මෙම සිදුවීම බස් නැවතුම්පොළේ සීසීටීවී කැමරාවල ද සටහන් වී තිබෙන අතර අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයින් 5 දෙනෙක් රෝහල්ගත කළ බවයි පොලීසිය පවසන්නේ.

බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් රියදුරුට බසය පාලනය කරගැනීමට නොහැකි වීම අනතුරට හේතුවී ඇතැයි අනාවරණය වූ බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් අනතුරින් බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles