කමිටුවට පුතත් ගෙන්නලා: කෝප් සභාපතිට බරපතළ චෝදනා

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු සභාපති ධුරය දරණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර වෙත චෝදනා රැසක් එල්ල වෙමින් පවතිනවා. මෙහි අලුත්ම තත්වය වන්නේ කෝප් කමිටු රැස්වීමට ඔහුගේ පුත්‍රයාද සහභාගි කරගෙන තිබීමයි.

කෝප් කමිටුව තුළ තමාගේ කට වසා ඇති බවත්, සභාපතිගේ පුත්‍රයාද ඊට සහභාගී වී ඇති බවත් අද (16) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. පිටස්තර පුද්ගලයන්ට කෝප් කමිටුවට සහභාගි වීමට අවසර නැති තත්වයකයි මෙම චෝදනාව එල්ල වන්නේ.

ඒ අතර ක්‍රිකට් ආයතනය සමඟ ව්‍යාපාරික ගනුදෙනු සිදු කර ඇති බවටද කෝප් සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවූ අවස්ථාවේදී හස්ත මුද්‍රාවලින් විවිධ සංඥා නිකුත් කළ බවටද ඔහුට විරුද්ධව චෝදනා එල්ල වෙනවා.

ඒ අතර කෝප් කමිටු සභාපතිත්වය තවදුරටත් රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් දරන්නේ නම්, තමා ඊට සහභාගි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles