මැක්කො නිසා සෙත්සිරිපායට අකරතැබ්බයක්

බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ තට්ටු රැසකට මැක්කන් විශේෂයක් පැතිරීමෙන් එහි රාජ්‍ය ආයතනවල කටයුතුවලට ඊයේ (10) දිනයේ දැඩි බලපෑම් එල්ල වූ බව වාර්තා වෙනවා.

මැක්කන් පැතිරීමෙන් එහි එක් අංශයක් ඊයේ වසා දැමීමට කටයුතු කළ බව සඳහන් වන්නේ.

ගොඩනැගිල්ලේ පහළ මාලයේ සුනඛයකු මිය යෑමෙන් පසු මෙලෙස මැක්කන් පැතිර ගොස් ඇති අතර ඊයේ සවස් වන තුරුම මැක්කන්ගේ අඩුවක් දක්නට නොලැබුණු බවයි එම ගොඩනැගිල්ලේ සිටි පිරිස් සඳහන් කරන්නේ.

මැක්කන් පැතිරීම නිසා සේවක සේවිකාවන් එම ගොඩනැගිලි සංකීර්ණයේ ආපනශාලා වලින් ආහාර ගැනීමට පවා මැලිකමක් දක්වා තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ පළමු මහලේ සිට දොළොස්වෙනි මහල දක්වා මැක්කන් පැතිර ගොස් තිබූ බවයි සෙත්සිරිපාය ආරංචි මාර්ග සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles