ඊශ්‍රායලයට දේශ සීමා හරහා නීතිවිරෝධීව ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු ජෝර්දාන් හමුදාවේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම ඇතුළුවීම ජෝර්දාන-ඊශ්‍රායල දේශසීමාවේදී සිදුව ඇති අතර ජෝර්දාන දේශ සීමා හමුදාව මේ පිරිස අත්අඩංගුවට ගෙන බලධාරීන් වෙත භාර දී ඇතැයි ජෝර්දාන ආරක්ෂක අංශ වාර්තා කර තිබෙනවා.
ජෝර්දාන-ඊශ්‍රායල් දේශසීමාවේ පසුගිය වසරවල අප්‍රිකාව, ආසියාව සහ තුර්කිය යන රටවලින් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට පැමිණෙන පිරිස් අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා ගණනාවක් නිරීක්ෂණය වී ඇති බව ඊශ්‍රායෙල් වාර්තා පෙන්වා දෙනවා.
ඊශ්‍රායල බලධාරීන්ට අනුව, 2022 වසරේ ජෝර්දානයෙන් නීතිවිරෝධී ලෙස පුද්ගලයින් 52 දෙනෙකු සහ 2023 පළමු කාර්තුවේදී 23 දෙනෙකු එසේ ඇතුළු වී තිබෙනවා.