SF පනින්න කලින් පන්නන්න යයි

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පක්ෂයෙන් ම යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව පැවසෙනවා. ඒ පසුගිය දා ඔහු විසින් පක්ෂ නායකත්වය බරපතළ ලෙස විවේචනය කළ සිදුවීම හේතුවෙන්.

එහෙත් එම පක්ෂයේ තවත් පිරිසකගේ මතය වී ඇත්තේ ඔහු ඉවත් යන්නේ නම් ඊට ඉඩ දිය යුතු බවයි.

සරත් ෆොන්සේකා ආණ්ඩුව වෙත එක්ව බලවත් ඇමැති ධුරයක් ලබා ගනු ඇති බවට ආරංචි පැතිර ගියත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ෆීල්ඩ් මාෂල්වරයා සජබ පක්ෂයෙන් ඉවත් වීම ඔවුන්ට විශාල පාඩුවක් බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles