එස්.ජී. පුංචිහේවා නමින් වෙබ් අඩවියක්

සිවිල් ක්‍රියාධර, සාහිත්‍යවේදී නීතිඥ එස්.ජී. පුංචිහේවා සූරීන්ගේ දිවි සැරිය වසර 91 ක් පසු කිරීම නිමිත්තෙන්, එස්.ජී.පුංචිහේවා වෙබ් අඩවිය ජනගත කිරීමේ වැඩසටහන මාර්තු මස 12 පැවැත්වෙනවා.

යහපත් සමාජයක අපේක්ෂාව පෙරදැරි කරගෙන පුංචිහේවා සූරීන් අඩසිය වසකට වැඩි කාලයක් තිස්සේ ඇත්ත පුවත්පත ප්‍රමුඛව බොහෝ පුවත්පත්, සඟරා වෙත සැපයූ ලිපි ,ලේඛන සහ එතුමන් ලියා පළ කළ සියලුම කෘති සංරක්ෂණය කිරීම සහ එතුමන්ගේ සමාජයමය හා ලේඛනමය මෙහෙවර ඉදිරි සමාජයට දායාද කිරීම මෙම වෙබ් අඩවියේ අරමුණ බවයි සඳහන් වන්නේ.

2024 මාර්තු මස 12 වැනි අඟහරුවාදා උදෑසන 10.00 ට පන්නිපිටියේ පිහිටි එස්.ජී. පුංචිහේවා මහතාගේ නිවසේදී (201/1, බාලිකා නිවාස පාර, රුක්මලේ පන්නිපිටිය) පැවැත්වෙනවා.

මෙහි අදහස් දැක්වීමට ප්‍රවීණ සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ, සිවිල් ක්‍රියාධර අහිංසක පෙරේරා හා මාධ්‍යවේදී/සිවිල් ක්‍රියාධර තරිඳු උඩුවරගෙදර සහභාගි වන වන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles