පොලීසියට එරෙහි ශක්තිකගේ නඩුව නැවත කල් යයි

පොලීසිය සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ශක්තික සත්කුමාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ලබන ජූනි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් එලෙස සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කර ඇතැයි එහිදී ශක්තික සත්කුමාර චෝදනා කරනවා.

එම පෙත්සම අද (26) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණා.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් මුහුණු පොතේ පළ කරන ලද කෙටි කතාවක අන්තර්ගත කරුණුවලින් ආගමික නොසන්සුන්තාවක් ඇති විය හැකි බවට චෝදනා කරමින් 2019 වසරේ අප්‍රේල් මස 01 වනදා පොල්ගහවෙල පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි. ඉන් අනතුරුව තමන්ව නිදහස් කිරීමට කටයුතු කෙරුණු බවයි පෙත්සම්කරු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles