“ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්, සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ?” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි ඉරණම’ යන මාතෘකාව යටතේ අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.
“දූෂිත හොර තක්කඩි රැළ, මේ රටේ ක්‍රිකට් කාබාසිනියා කරපු රැළ, සූදුකාරයෝ ප්‍රවර්ධනය කරන රැළ ගෙදර යවන්න,” තමන් ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රටේ ම සහයෝගය ඉල්ලා සිටින බවයි ඔහු පවසන්නේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.
එම තීරණය ගෙන ඇත්තේ, අද (නොවැ: 08) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී.
එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිත බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ.