ශානි අබේසේකර ලැජ්ජාවක් නැතුව අනුරගේ ගෙදර වළං හෝදන්න ගිහින් : සුගීෂ්වර බණ්ඩාර

ශානි අ‌බේසේකර දැන් අනුර කුමාර හාමුගේ ගෙදර වළං හෝදන්න ගිහින් යැයි නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

තමන්ගේ සහෝදර නිලධාරීන් දහස් ගණනක් ඝාතනය කළ ,පොලිසියට හමුදාවට බැඳුන නිලධාරීන්, ඔවුන්ගේ දෙමව්පියෝ අමු අමුවේ ඝාතනය කළ සමාජවාදීන් එක්ක එකතු වෙන්න ලැජ්ජාවක් නැත්දැයි ශානි අබේසේකරගෙන් විමසන බවත් ඔහු කියා සිටිනවා.

අලුතින් හිතමු ජාතික සාමූහිකයේ පානදුර දී පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“යහපාලන ආණ්ඩුව කාලේ හැදුව දූෂණ විරෝධී කාර්‍යාලය මෙහෙයවපු අනුර කුමාර දිසානායකගේ කුලී වැඩ ටික කලේ ඔය ශානි අබේසේකරලා තමයි, ඒ නිසා කොහොමත් ශානිලාට රැකවරණය ගන්න වෙන්නේ අනුර කුමාරගෙන් තමයි. කියන්න කණගාටුයි එදා දූෂණ විරෝධී කාර්යාලයෙන් අල්ලපු දූෂණයකුත් නෑ, හිරේ දාපු හොරු, වංචාකාරයොත් නෑ.

අද අනුර කුමාර දිසානායක , ලාල් කාන්ත කියනවා දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ජාතික ව්‍යුහයේ එක කොටසක් වෙලා තියෙනවා ඒක නිසා අපේ ආණ්ඩුවක් යටතේ පළාත් සභා මැතිවරණ පවත්වනවා කියලා,

අවුරුදු 35කට පස්සේ තමයි ජනතා විමුක්ති පෙරමුණට තේරෙන්නේ එදා ජයවර්ධන ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරපු උපාය මාර්ගික ක්‍රියාවලිය හරි කියලා හැබැයි ඒ වෙනුවෙන් හතළිස් දහසක් තරුණ ජීවිත විනාශ වුණා.

ඒ වෙනුවෙන් බස් රථ ගිනිතිබ්බා, කර්මාන්තශාලා ගිනිතිබ්බා. ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බා. ඒ සිදුකරපු විනාශ ගැන රටට සිදුකරපු පාඩුව ගැන අද කතා නෑ. අද අනුර කුමාර මහත්තයලා ලාල් කාන්තලා , බිමල් රත්නායකලා, හඳුන්නෙත්තිලා ලෝකේ වටේ ගිහිල්ලා සොරි කිව්වට හරියන්නේ නෑ මේවට සාධාරණයක් වෙන්න ඕන.

ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ වෙච්ච හැම අපරාධයක් සම්බන්ධයෙන්ම කොමිෂන් සභා පත් කලා. මේ රටේ වෙච්ච හැම ඝාතනයක්, හැම සංහාරයක් සම්බන්ධයෙන්ම ස්මාරක ඉදිකළා.

එළාර, පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින්, යුද්ධය වෙනුවෙන් මියගිය විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ස්මාරක හදපු මිනිස්සු අපි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කරපු හැටදහසක් වෙනුවෙන් අද වනතුරු එක ස්මාරකයක් හදලා නෑ. නමුත් ජවිපෙ නායකයින් උජාරුවට ඉල්මහ විරුවන් සමරනවා.” යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles