ශානි නැවතත් වැඩ අරඹයි

මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට බඳවාගෙන තිබෙනවා.

ඒ වසරක කොන්ත්‍රාත් පදනම යටතේ බවයි සඳහන් වන්නේ.

ජාතික පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයා දෙන ලද නිර්දේශය අනුමත කර තිබෙනවා.

ශානි අබේසේකර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහු පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායකට සහාය දුන්නේ මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමූහිකය සමඟ එක් වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles