පාස්කු ප්‍රහාරය පසුපස රාජපක්ෂලා: චැනල් 4 කියයි!

මෑත කාලයේ මෙරට සිදු කරන ලද දැවැන්තම ජනඝාතනය වූ 2019 පාස්කු ඉරිදා ඉල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව කෙටි ෆේස්බුක් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

එහිදී පාස්කු ඉරිදා එල්ල කරන ලද ප්‍රහාරය, බලය ලබා ගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි දැක්වෙන්නේ. එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි සුරේෂ් සලේ වෙත ඍජු චෝදනාවක් එල්ල කෙරෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම් අසාඩ් හන්සිර් මවුලානා එහිදී අදහස් දක්වමින් කියා සිටින්නේ සහරාන් ඇතුළු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් කණ්ඩායම සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ අතර හමුවක් සඳහා පහසුකම් සැලසීමට තමන් ක්‍රියා කළ බවයි. එම හමුවේදී සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් සුරේෂ් සලේ හමුවූ බවත් ප්‍රහාරයෙන් පසුව තමා ඔවුන්ව හඳුනාගත් බවත් ඔහු පවසනවා. එය තමා පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කළ විට තමාට කට වසාගෙන ඉන්නැයි පිල්ලෙයාන් පැවසූ බවත් ඔහු කියා සිටිනවා.

ශ්‍රී ලංකාව අනාරක්ෂිත බවට පත් කිරීමට අවශ්‍ය බවත් ගෝඨාභයට බලය ලබා ගැනීමට ඇති එකම මග එය යැයි සුරේෂ් සලේ පැවසූ බව මවුලානා එහිදී තවදුරටත් පවසනවා. මෙම හෙළිදරව් කිරීම ජාත්‍යන්තර වශයෙන් මේ වන විට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

පහත දැක්වෙන්නේ චැනල් 4 නාලිකාව විසින් පළ කළ එම වීඩියෝවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles