පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වෙඩි වැදීමට ලක් වූ මෝටර් රථය රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නැහැ.
රහස් පොලිස් ආරංචි මාර්ග අනුව වෙඩි තැබීම සිදුව ඇත්තේ මීටරයක පමණ දුරකින් සිටයි.
සිකුරාදා වන තෙක් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයෙකු ගැන කිසිදු තොරතුරක් අනාවරණය කරගෙන නැහැ. මෙම වෙඩි ප්‍රහාරය මෝටර් රථයකින් පැමිණ සිදු කළ එකක් බව පැවසුණත් එවන් කිසිදු රථයක සාක්ෂියක්ද මේ වන තෙක් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා