පෙට්රල් දඩ අය කළ එස්.අයි. සහ සැරයන් ඇතුළට

රථවාහන වරදක් වෙනුවෙන් දඩකොළයක් නොලියා සිටීම සඳහා පෙට්රල් බෝතලයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය උපපොලිස් පරීක්ෂකවරයෙක් සහ සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දෙදෙනා ඉඟුරුවත්ත සහ වෙලගෙදර පොලිස් ස්ථානවලට අනුයුක්තය සේවය කරන දෙදෙනෙක්. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම පොලිසිය විසින්.

අසාධාරණයට ලක් වූ පුද්ගලයා විසින් මේ බව ෆේස්බුක්හි පළ කිරීමෙන් පසුව එය දුටු උසස් පොලිස් නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි නියෝග කර තිබෙනවා. අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි වාර්තා වෙනවා. ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධියට මුහුණ පෑ පුද්ගලයාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles