No menu items!
No menu items!

බඹර ප්‍රහාරයක් නිසා සීගිරිය තාවකාලිකව වැසේ!

අද (14) පස්වරුවේ සීගිරිය සිංහපාදය අසල දී සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ සීගිරිය , සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබෙනවා.

මෙම බඹර ප්‍රහාරයෙන් විදෙස් සංචාරයකයින් 26 දෙනෙක් සහ දේශීය සංචාරකයින් 13 දෙනෙක් ප්‍රතිකාර සඳහා සීගිරිය ග්‍රාමීය රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.

මේ දිනවල පවතින අධික අව් රශ්මිය සහ අධික සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් බඹරුන් ඇවිස්සෙන්නට ඇති බවයි සංචාරක මග පෙන්වන්නන් සැක පළ කරන්නේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් පවසන්නේ බඹරුන් ඇවිස්සුණු අවස්ථාවේ දී සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබූ නමුත් ඇතුළුවීමට නොහැකි වූ පිරිසගේ මුදල් නැවත ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කරනවා.

කෙසේ වෙතත් බඹරුන්ගේ සන්සුන්භාවය ඇතිවූ විගස සීගිරිය සංචාරකයන්ට නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles