ඇස් රෝහලේ වැඩවර්ජනයක ලකුණු

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද (23) පෙරවරු 8ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ.

“‍ කිසිසේත්ම ඔහුගේ තනතුරට ගැලපෙන ආකාරයට නෙමෙයි මේ පුද්ගලයා හැසිරෙන්නේ. ඒ නිසා දිගින් දිගටම මේ ගැන දැනුවත් කළා. නමුත් අපිට පේන්නේ නෑ සෞඛ්‍ය ලේකම් ලබාදුන් විධි විධාන හා මාර්ගෝපදේශ බලධාරීන් ක්‍රියාත්මක කරන බවක්. මෙයට විසඳුමක් උදේ 8 වෙද්දි ලබාදුන්නේ නැත්නම් මේ වනවිට තිබෙන තත්ත්වය සමාලෝචනය කර අපිට සිදුවෙනවා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න.” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles