ශරීරයේ මාංශ පේෂි දියකරමින් පුද්ගලයෙකු දින දෙකක් තුළ මරණයට පත් කළ හැකි streptococcal toxic shock syndrome නැමැති මාරාන්තික බැක්ටීරියා අසාදනයක් ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වසරේ මේ දක්වා අදාළ බැක්ටීරියාව ආසාදනය වූ 1000කට ආසන්න පිරිසක් ජපානයෙන් වාර්තා වූ බවයි සඳහන් වෙන්නේ.
මෙම බැක්ටීරියා ආසාදනය ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින්ද වාර්තා වී තිබෙනවා.
අදාළ බැක්ටීරියාව දරුණු ලෙස ආසාදනය වුවහොත් පැය 48ක් තුළ මරණයට පත් විය හැකි බවයි වාර්තා වෙන්නේ.