ආර්ථික යුක්තිය උදෙසා වැටුප් වැඩිකිරීමක් ඉල්ලා සිටිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් පසුගිය දිනවලදී ගනු ලැබුවා. මේ සඳහා දිගින් දිගට බලධාරීන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා පැවතියත් ඒ සඳහා ධනාත්මක විසඳුමක් ලැබී ඇත්තේ නැහැ.
ඒ අනුව, අද සිට නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
එහි මුල් පියවර ලෙස අද (01) උදෑසන 6.30 සිට පැය 4ක වැඩවර්ජනයක් පැය 4ක් දක්වා තෝරාගත් රෝහල්වල ක්‍රියාත්මක වෙනවා. මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල, සහ බදුල්ල යන රෝහල්වලයි ඒ.
කෙසේ වෙතත්, අද දිනයේ ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවක් ලබා දී ඇති බව පැවසූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පවසන්නේ බලධාරීන් විසඳුමක් ලබා දීමට අපොහොසත් වන්නේ නම් හෙට සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.