“හීන පස්සේ යන්න. නතර වෙන්න එපා. ඒ වගේම මම කියන්නේ අපි ලැබුණ දේවල් රැක ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දෙයක් ලැබුණට පස්සේ හරිම ඉක්මනට නැති වෙනවා. හැබැයි අල්ලගෙන ඉමුනේ කොහොම හරි. අනිවාර්යෙන් ම
මම දැන් ගොඩක් සතුටින් ජීවත් වන්නෙ. ඒක හිතා ගන්න බෑ. මේක මිරැකල් එකක්.
එදා සම්මානය ලැබුණු දවසේ තිබුණු ප්‍රේක්ෂක ආදරය තාම ඒ විදිහමයි. අඩුවක් නැහැ. එදා නොවැම්බර් 25 වින් කරාට පස්සේ ආපු විදිහටම ඒ කෝල්ස් ඒ ආදරය. ඇත්තටම ඒක මිරැකල් එකක්ම තමයි.
මගේ නිර්මාණ ජීවිතය ගැන කියනව නම් මගේ නිර්මාණ මේ වෙද්දි පහක් විතර කම්ප්ලීට්. දැන් ඉතින් හෙමින් හෙමින් රිලීස් කරන්න තමයි තියෙන්නේ.ඉතින් ඒ ටිකත් එක්ක දවසක සම්මානයක් ගන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
රඟපාන්න එන්න කියලා නම් තාම ආරාධනාවක් නැහැ. ඒ ගැන හිතේ ආසාවක් නැතුව නෙවෙයි.හැබැයි මම වැඩිපුරම ආස මේ මියුසික් ෆීල්ඩ් එකේ යන්න. ඉදිරියට ඉතින් මොනවා වෙයිද දන්නේ නෑ .අපි ඒකත් බලමු.
මට විවේචන තියෙනවා. මම දකින විදිහට විවේචනය කියන දේ සාමාන්‍යයි. කවුරු කොහොම කොයි විදියට හිටියත් ඒක ඉතින් දකින කෙනා දකින විදිහ. ඒක අපිට වෙනස් කරන්න බැහැ. ඉතින් මේ මමනේ තමන් තමන් වෙන්න ඕනේ අනිවාර්යයෙන් ම.”
මෑතක දී සුපිරි කිරුළක් හිමි කර ගත් තාරකාව අංජලී හේරත් මෙහෙම අදහස් විවෘතව පළ කරමින් තමන්ගෙ අනාගත බලාපොරොත්තු අපේක්ෂා ගැන කිව්වා.
මේ වෙද්දී අංජලීගේ ගායනයට, හඬට ආදරය කරන පිරිසක් ලෝකෙ පුරාම ඉන්නවා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. ඒ තරමට ඈ දැන් ප්‍රසිද්ධයි.
රසික ආදරය මෙලෙස ඈ පසුපස එද්දී ඇගේ හදවත හිමිකර ගැනීමටත් බොහෝ තරුණ පිරිසක් කැමැත්තෙන් ඉන්නවා.
ඇයට විවාහ යෝජනා ද සෑහෙන එන බවත් එසේ ආ යෝජනා අතරින් එක් විශේෂ යෝජනාවක් ගැනත් කසුකුසුවක් තියෙනවා.
ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ කලා පවුලක් නියෝජනය කරන තරුණයෙකුගෙන් මෙම යෝජනාව
ඉදිරිපත් වී ඇති බව පැවසෙනවා. ඒ විදිහට අංජලීට මේ යෝජනාව එන්නේ ඇගේ දෙමව්පියන් හරහා බවත් ආරංචියි.
කලා ලොවට පා තැබූ මේ මුල් කාලයේදී ම විවාහය වැනි තීරණයක් ගැනීමට ඉක්මන් වීම එතරම් සුදුසු නැති බව ඇගේ ළඟම හිතවතුන්ගේ අදහස බවත් යම් යම් තැන්වල කියැවෙනවා.
- වයලට් ප්‍රියදර්ශනී විතානගේ