“අවුකන සිදුවීමට” පියවරක් නොගැනෙන ලකුණු

ඉල් පුන් පොහෝ දින (26) මෙරට අතිශය වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් වන අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාවට චීවරයක් ඇන්දවීම පිළිබඳ සිදුවීම මේ වන විට මහත් කතාබහට ලක් වෙමින් තිබෙනවා. “යම් පුරාවස්තුවක් ඕනෑකමින් ම විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන, නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් ම පළුදු කරන යම් තැනැත්තෙකු පුරා විද්‍යා ආඥා පනත යටතේ වරදකට වරදකරු වන,” බව 1998 අංක 24 දැන පුරා වස්තු (සංශෝධන) පනත පවසනවා.

අවුකන විහාරාධිපති හිමියන් පැවසූ පරිදි මේ ලෙස චීවරය එතීම සඳහා සිවිල් ආරක්ෂක සෙබළුන් ප්‍රතිමාව මත නැග තිබෙනවා.

කෙසේ වෙතත් ‍පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රතිමාව අයත් පොලිස් බලප්‍රදේශය වන ගල්නෑව පොලිසියට මේ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල විභාග කිරීම භාර පොලිස් පරීක්ෂකවරයා මේ ගැන වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා. තොරතුරු සොයා බැලීමේදී දැනගැනීමට ලැබෙන කරුණු අනුව උකත් සිදුවීමට අදාළව විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැති බවයි පෙනී යන්නේ. පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles