කූරියර් සමාගම් තොරතුරු දෙයි: පියුමි හිර වෙන ලකුණු

වත්කම් උපයා ගැනීමේ පාරදෘශ්‍ය භාවයක් නැති බවට චෝදනා එල්ල වූ ප්‍රකට නිරූපිකා පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය ක්‍රීම් බෙදා හළ කූරියර් සමාගම් දෙකක් විසින් ලබා දුන් තොරතුරු සහ ඇය මාධ්‍ය වෙත පැවසූ තොරතුරු අතර විශාල පරතරයක් මතුව ඇති බව වාර්තා වෙනවා.

විමර්ශනය වෙනුවෙන් පැමිණි ඇය මාධ්‍ය අමතා කියා සිටියේ තමා ඉගෙන ගත් දෙයකින් අමාරුවෙන් හරි හම්බ කරගත් බවයි. රු. 35000කට අලෙවි කරන රූපලාවණ්‍ය ක්‍රීම් කට්ටල් 25000ක් අලෙවි වූ බව කියා සිටි ඇය ඒවායේ බිල් වශයෙන් පොහොර මළු ගණනාවක්ද පෙන්වා සිටියා.

ලොලියා නම් අදාළ ක්‍රීම්වර්ගය බෙදා හළ බව කියන සමාගම් දෙක ගෙන්වා ප්‍රශ්න කළ සී.අයි.ඩී. ය හෙළිකර ගෙන ඇති තොරතුරු අනුව ඔවුන් බෙදා හැර ඇත්තේ එවැනි කට්ටල 3500ක පමණ ප්‍රමාණයක් පමණයි.

පියුමිගේ ප්‍රකාශය අනුව ඇය ක්‍රීම් අලෙවියෙන් රුපියල් කෝටි 87ක් ඉපැයූ බව කීවත් තොරතුරු අනුව එම මුදල රුපියල් කෝටි 12ක් බව සඳහන්.

එය වසර කිහිපයක ආදායම වන අතර ලාභය පමණක් නොවේ. බෙදාහැරීම් සහ අනෙකුත් වැය සලකන විට ලාභය තවත් විශාල ප්‍රමාණයකින් අඩුවනු ඇති.

පියුමිගේ ආයතනය ලියාපදිංචි කර තිබුණද ඇගේ ආලේපන මෙරට ලියාපදිංචි කර නැති බැවින් සෞඛ්‍ය ගැටලුවක්ද මතුවන බව කියැවෙනවා.

කෙසේ වෙතත්, නවතම අනාවරණය වන්නේ ඇයගේ නමින් ඇති වාහනයක් මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන සැක අයෙකුගේ නිවසින් සොයාගත් බවයි.

ආරංචි මාර්ග අනුව පියුමිට ඉදිරියේදී දැඩි නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවෙන බව පැවසෙනවා. සියලු විමර්ශන අවසානයේ ඇයගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ අංශ කටයුතු කරනු ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles