සිංගප්පූරු පාර්ලිමේන්තුවේ දී අසභ්‍ය වචනයෙන් කතා කිරීමේ වරද පිළිගැනීම හේතුවෙන් එරට පාර්ලිමේන්තුවේ කථානායක ටෑන් චුවාන් ජින් මන්ත්‍රීවරයා සිය කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඊට අමතරව තම පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව කතා නයකවරයා සිය ඉල්ලා අස්වීම භාර දෙමින් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් වෙත දන්වා කියා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට අසභ්‍ය වචනයෙන් කතා කිරීම හා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම ඇතුලු කාරණයක් කිපයක් මුල් කරගෙනයි.
පාර්ලිමේන්තුවේදී ශිෂ්ට සම්පන්න නොවන මෙන්ම පාර්ලිමේන්තුවට නොගැලපෙන අසභ්‍ය වචන ප්‍රකාශ කිරීමෙන් තමන් වැරද්දක් සිදුකල බව පාපොච්චාරණයක් කරමින් කථානායක ටෑන් චුවාන් ජින් මෙසේ තීරණය කර තිබෙනවා.
ඒ අතර ටෑන් චුවාන් ජින් කථානායකවරයා සමග එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී චෙන්ග් ලී වෙයි මහත්මියද සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන්නේ ඔහු සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම පිළිගනිමින්.
කථානායකවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැලපෙන අයුරින් හැසිරෙමින් වරදක් සිදුකල බව පිළිගැනීම තමන් අගය කරන බවයි.
නුවන් හෙට්ටිආරච්චි