Sinopec ඉන්ධන ළඟදීම

නුවන් හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහාවූ ගිවිසුමට සයිනොපෙක් සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තැබුවා.

ඒ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අංක 17 ප්‍රකාරව සයිනොපෙක් එනර්ජි ලංකා (Sinopec Energy Lanka) ආයතනයේ අධීක්‍ෂණය යටතේ වසර 20ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි.

ඊට ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පැමිණ සිටියා.

ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක් සයිනොපෙක් විසින් ඉන්ධන ආනයනය සඳහා ආයෝජනය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් සම්බන්ධ වෙනවා.

මීට අමතරව නව ඉන්ධන පිරවුම්හල් 50ක් අලුතින් ඉදි කරනවා.සයිනොපෙක් විසින් ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල්, 500 PPM ඩීසල් ඇතුළු විවිධ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles