වසර 87ක් පැරැණි ලෝක වාර්තාවක් ලකුණු 4ක අඩුම පරතරයකින් කමිඳු මෙන්ඩිස්ට අහිමි විය. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 1937 දී එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 270 ටෙස්ට් තරගයක අංක 7 හෝ ඊට පහළින් පිතිකරණයේ යෙදෙන පිතිකරුවෙකුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස පවතී.
කමිඳු මෙන්ඩිස්ට ලකුණු 266 නැවතීමට සිදුවීම කණගාටුදායක වන්නේ, බ්‍රැඩ්මන් වැනි පුරාවෘත්තගත ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වාර්තාවක් අභිබවන්නට ඉඩ තිබුණු නිසාය.
- රුවන්ත රන්දික