ජපානයේ දී මිය ගිය සඳමාලිට සාධාරණය ඉල්ලා සොයුරියන් සටනේ!

2021 වසරේ මාර්තු මාසයේ දී ජපානයේ දී මිය ගිය රත්නායක ලියනගේ විශ්මා සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් නිසි සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා ඇයගේ පවුලේ සාමාජිකයන් ජපානයේ නීති බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

සඳමාලි 2017 දී ශිෂ්‍යාවක් ලෙස ජපානයට පැමිණි අතර පසුව ඇයගේ වීසා බලපත්‍රය ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් නගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඇය මිය ගියේ මාසයක් පමණ වමනය සහ බඩේ වේදනාව ඇතුළු සෞඛ්‍ය තත්වය ගැන පැමිණිලි කිරීමෙන් අනතුරුවයි.

” අපි නීති අංශවලට කිව්වා සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න සහ මරණයට හේතු වූ වෘත්තීය නොසැලකිලිමත්කම පිළිබඳ චෝදනා මත (නිලධාරීන්ට) අධිචෝදනා ගොනු කරන්න කියලා. එතකොට නැවත මෙවැනි සිදුවීම් සිදු වෙන එකක් නෑ” ඇය වාර්තාකරුවන්ට පවසා සිටියා.

පසුගිය වසරේ ජූනි මාසයේ දී ජපාන නීති අංශ විසින් ආගමන කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා අතහැර දැමුවා. කෙසේ වෙතත් පවුලේ අය විසින් නැවත මෙය විභාගයට ගන්නැයි බල කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles