බදුල්ලේ පන්සලක නායක හිමිනමකගේ ගිණුමේ ඇති මුදල්වලින් ලක්ෂ හයහමාරක් සොරකම් කළ පුවතක් වාර්තා වෙනවා.
පසුගිය දිනෙක මේ හිමිගේ දුරකතනයට ඇමතුමක් ලැබී ඇති අතර ඉන් පවසා ඇත්තේ හිමිගේ ගිණුමට අදාළව රජයෙන් අඩු කළ වැට් ගාස්තු අඩු කළ යුතු බැවින් බැංකු ගිණුම්වල තොරතුරු දෙන ලෙසයි. ඒ තොරතුරු ලබා දී තිබෙනවා.
තවත් දින කිහිපයකට පසුව තරුණයන් දෙදෙනෙක් යතුරුපැදියකින් පන්සලට පැමිණ ස්ථාවර දුරකතනයේ දෝෂයක් තිබේදැයි විමසා ඇති අතර, ඒ වන විට දුරකතනයේ හඬ දෝෂයක් තිබු බැවින් හිමියන් පවසා ඇත්තේ කුරු කුරු හඬක් එන බවයි.
මඳ වේලාවක් දුරකතනය සකස් කරමින් සිටි මේ දෙදෙනා තම ආයතනයට පණිවිඩයක් දිය යුතු බව පවසා හිමියන්ගේ ජංගම දුරකතනය මඳකට ඉල්ලාගෙන තිබෙනවා. පසුව එය බාර දී විහාරස්ථානයෙන් පිටව ගොස් අති අතර, අනතුරුව හිමියන් දුරකතන ඇමැතුමක් ගැනීමට ගිය විට දුරකතනය අක්‍රිය බව වැටහී සොයා බැලූ විට එහි සිම්පත අතුරුදහන් බව දැන ගෙන තිබෙනවා.
කිසියම් අනතුරක සේයාවක් දුටු මෙම නායක හිමි සිය බැංකු ගිණුම් තාවකාලිකව අක්‍රිය කිරීමට බැංකුවට ගිය අවස්ථාවේ දැනගෙන ඇත්තේ තම ගිණුමෙන් ලක්ෂ හයහමාරක් අඩු වී ඇති බවයි.