ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු 11න් 6ක් ම රට හැර ගිහින්!

මෙරට සිටින ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනාගෙන් 6 දෙනෙක්ම මේ වන විට විදේශගත වී ඇතැයි වාර්තා වෙනවා.

මෙරට සිටිය යුතු ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සම්මත සංඛ්‍යාව 20ක් බවයි පැවසන්නේ. එහෙත් සේවයේ යෙදී තිබුණේ 11 දෙනෙක් බවත් දැන් එයින් ද 6 දෙනෙක් විදේශගත ව ඇති නිසා ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය සේවය අර්බුදයට ගොස් ඇති බව පැවසෙනවා. ඒ අනුව නියමිත වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක් පමණයි දැනට රට සතුව සිටින බව හෙළි වන්නේ.

දැනට, ළමුන් සඳහා වන රිජ්වේ ආර්යා රෝහල (LRH), සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල්වල මෙම වෛද්‍යවරුවන් සේවය කරන බව පැවසෙනවා.

ආරංචි මාර්ග වාර්තා කරන පරිදි රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කළ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුද මේ වන විට විදේශගත වී තිබෙනවා.

මේ වෛද්‍ය හිඟය නිසා රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා එවන දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles