සමඟි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කර තිබෙනවා.
පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගි කර නොගැනීමටද තීරණය කර ඇති බවයි.
පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.
එමෙන්ම පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතුද ඉදිරියේදී සිදු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.