ආර්ථික විවාද දිනයක් සජබ ඒකපාර්ශ්විකව නම් කරන්න යයි

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර ආර්ථික කමිටු විවාදය සඳහා ඒක පාර්ශවික දිනයක් සහ ස්ථානයක් නම් කිරීමට සමගි ජන බලවේගය සූදානම් වන බව වාර්තා වෙනවා.

එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේ ඉතා ඉක්මනින්ම විවාදය සදහා දිනයක් සහ ස්ථානයක් නම් කරන බවයි.

ජාතික ජන බලවේගයට ඊට නිල වශයෙන් ආරාධනා කරන බවත් ඔවුන් පැමිණියත් නැතත් යොදා ගන්නා දිනයට විවාදය පවත්වන බවයි සඳහන් වෙන්නේ.

විවාදයේ සජීව විකාශය සදහා සියලු මාධ්‍ය නාලිකාවන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවත් සමාජ මාධ්‍ය වලටද ඊට අවස්ථාව දීමට කටයුතු කරන බවත් එම ප්‍රකාශකයා කියා සිටියා.

කෙසේවෙතත් ජාතික ජන බලවේගය හා ස්වාධීන රූපවාහිනිය විසින් ඒක පාර්ශිකව නායකත්වය විවාදය සඳහා දිනයක් යොදාගෙන තිබූ ආකාරයෙන්ම මෙම විවාදයද සංවිධානය කරන බවයි පැවසෙන්නේ.

එම විවාදයෙන් අනතුරුව නායකයන් අතර විවාදය සඳහා ද දිනයක් නම් කර ගත හැකි බවයි සමඟි ජන බලවේගයේ ප්‍රකාශකයා කියා සිටින්නේ.

ජාතික ජන බලවේගය දිගින් දිගටම ආර්ථික කමිටු විවාදය මගහරිමින් සිටින බවත් ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ට කිසිදු ආර්ථික වැඩපිළිවෙළක් නොමැති වීම බවත් පැවසූ එම ප්‍රකාශකයා තම පක්‍ෂයේ ආර්ථික වැඩපිළිවෙල දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles