සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ සංවිධායකවරයා බව කියන අයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ රඹුක්කනදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
35 හැවිරිදි සැකකරු කුරුණෑගල, පොතුහැර, මාවතගම පදිංචි අයෙක්.
සැකකරු තම මිතුරන් පිරිසක් සමග කෑගල්ල දෙස සිට රඹුක්කන හරහා කුරුණෑගල දෙසට යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා. මොවුන් ගමන් කරමින් සිටි සුඛෝපභෝගී රථ දෙකක්ද ඒ සමඟ අත්අඩංගුවට ගත් බවයි වාර්තා වූයේ.
මෙම අත්අඩංගුවට ගැනීම කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කර තිබෙනවා.